සූක්ෂම ලෙස සඟවා රේගු තැපෑලෙන් පැමිණි මත්පෙති

මෙරටට තැපැල් මඟින් එවන පාර්සල් පරික්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයට අනියුක්තව සේවය කරන සහකාර රේගු අධිකාරී මහතාට ඇති වූ සැකයක් මත කාඩ්බෝඩ් වලින් සාදන ලද පාර්සලයක් විශේෂ පරික්ෂාවකට ලක් කෙරුණි.

ජර්මනියේ සිට අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙත මෙම කාඩ්බෝඩ් පෙට්ටිය සහිත පාර්සලය ඒවා ඇති අතර එම පාර්සලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණු ලේඛනවල එහි පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් කර තිබුණු බව වාර්තා වේ.

එසේ ඇති වූ සැකය මත එම පාර්සලය පරික්ෂා කිරීමේදී කාඩ්බෝඩ් පෙට්ටියේ බිත්ති මත ඉතා සුක්ෂම ලෙස අසුරා තිබුණු මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති තොගයක් සොයාගෙන ඇත.එම මත්පෙති තොගයේ බර ග්‍රෑම් 2387 ක් වූ මත්පෙති 4956 ක් තිබුණු අතර ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධරීන් විසින් ඒවා පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 49.56 කට තක්සේරු කර ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ,රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව මුලික විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් හට භාර දුන් බවයි.

Exit mobile version