මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය මගින් රුපියල් මිලියන 21 ක් පමණ වංචා කරනලද සූදූ අන්තුවා නමින් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු විසින් ව්‍යාපාරිකයන් හා ගොවීන් රවටමින් හාල් මෝලක් හා වෑන් රථයක් ලබාදෙන බව පවසා මෙම මුදල් වංචා කර ඇති බව සදහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව ලංකාව පුරා පොලිස් ස්ථාන රැසක පැමිණිලි තිබෙන බවත් මොහු විසින් අම්පාර ප්‍රදේශයේදී වංචා කරන ලද මුදල් සියල්ලම කැසිනෝ සූදූ ක්‍රීඩාව සදහා යොදවා ඇති බව මුලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.