අල්ලස් ගැනීමේ සිද්ධියකට අදාළව සූරියවැව ප්රාදේශීය සභාවේ ලේකම්වරයා අද (07) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුව ජුනි 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.
සූරියවැව සතිපොළ පවත්වාගෙන යන පුද්ගලයාට ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 24 ක මුදලකට අදාළ චෙක් පත නිකුත් කිරීම සදහා අදාළ ප්රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.පසුව එම පුද්ගලයා විසින් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවෙදී මෙම ලේකම්වරයාව අත්අඩංගුවට ගත් බව සදහන්.