මහනුවර ඇතුළු මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් මහනුවර නගරය ඇතුළු අවට නගර හා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිවේදනය කරයි.
මේ අතර දුනුවිල නිවෙසක් මතට පස්කඳු කඩා වැටීම නිසා නිවෙසක් මතට ගලක් පෙරළීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම මහනුවර දුම්රිය ස්ථානය අඩි හතකින් යටවී ඇති අතර පස් කඳුකඩාවැටීම නිසා මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
තවද පොල්ගොල්ල ජලාශයද පිරී ගොස් තිබෙන අතර අකුරණ මාතලේ ඒ නවය මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනා ගමනයට දැඩි බාදා එල්ල වී තිබේ.