ලොව කාන්තා ටෙනිස් පිටියේ ප්රමුඛස්ථානයේ සිටින ක්රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් ටෙනිස් පිටියට සමුදී ඇති බව වාර්තා වේ.
ඇය වයස අවුරුදු 40 වියේ පසුවූ අතර ඒ වන විට ඇය ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් ජයගෙන සිටියේ ය.
කෙසේ නමුත් ඇය මෙසේ පිටියට සමුදීමට ගත් තීරණය නිවේදනය කර ඇත්තේ අමෙරිකාන විවෘත ටෙනිස් තරඟාවලියේ දී තෙවැනි වටයේ තරඟයකදී අයිජා ටොම්ජොනොවිච් නම් ක්රීඩිකාවට ඇය පරාජය වීමත් සමග බව වාර්තා වේ.