සෙවනගල පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කරයි. ස්ත්‍රී දූෂණ චෝදනාවක්!.

සෙවනගල පොලිසියේ ස්ථානාධිපති වන KV දීපාල් මහතා පොලිස් කාන්තාවක් දූෂණය කිරීමක් පිලිබඳව කර ඇති පැමිණිල්ලකට අදාලව අද (29) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බාරවීමෙන් පසුව සැප්තැම්බර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනගාර ගත කර තිබේ.

වාර්තාවන ආකාරයට කරුණු විශාල ප්‍රමාණයක් තිබුනත් දැන් එය අධිකරණ කටයුත්තක් බැවින් සියලු කරුණු මෙහි සටහන් කිරීම නුසුදුසු වන නමුත් සෙවනගල පොලිසියේ පොලිස් කාන්තාවක් දූෂණය කිරීමක් පිලිබඳව සිද්ධියක් නිසා එම පොලිස් කාන්තාව පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන තිබේ. එම සිද්ධියත් සමගම පොලිස් මූලස්ථානය මගින් ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක්ද පැවැත්වෙමින් තිබු අතර එම කාලය තුල පොලිසිය මගහැර සිටි බවද කිය වේ.

ඒ අතරතුර ඔහු අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක්ද ඉදිරිපත්කර තිබෙන නමුත් එයද ප්‍රතික්ෂේප වී තිබෙන අතර අද අධිකරණයට බාර වීමෙන් අනතුරුව මෙසේ රිමාන්ඩ් අකර තිබේ.

Exit mobile version