ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ.
වාර්තා වන ආකාරයට එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන සියයට 18ක් වූ වැට් බද්දට සාපේක්ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බවයි.
මෙම බදු වැඩි කිරීමත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල සියයට 10කින් පමණ ඉහළ යා හැකි බව පසුගිය දා පැවති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී සාකච්ඡා වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම මෙම බදු ඉහළ දැමීමට හේතුව වේ.
මෙම යෝජනාවලට අනුව පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු සඳහා මෙම බදු අය කිරීමටයි මුදල් අමාත්‍යාංශය යෝජනා කර තිබෙන්නේ මීට අදාළව සියයට 18ක් දක්වා වැඩි කළ වැට් බද්දට දැනට පනවා තිබෙන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද සහ ‘සෙස් බද්ද’ ඉවත් කිරීම මගින් මීට අදාළව එම අගය 10%ක් පමණ පහළ යාමට ඉඩ තිබේ.
ඒ අනුව, පෙට්‍රල්, ඩීසල් මිල එම අගයට සාපේක්ෂව ඉහළ යා හැකි බව ‘කෝප්’ කමිටුවේදී සාකච්ඡා වී තිබේ.
එහෙත්, භූමිතෙල් සඳහා මෙම බද්ද අය කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.
මෙම කාරණය “කෝප් ” කමිටුවේදී සාකච්ඡා වී ඇති අතර ඉදිරියේ දී මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට යෝජනා වී ඇති බව ද වාර්තා වී තිබේ.