සේවකයන්ට නොබෙදූ ඩොලර් 50,000

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව මෙටර ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින්ට බෙදාදීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදල එම සේවකයින්ට මේ දක්වා බෙදා දී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

වාර්තා වන ආකාරයට අද (22) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පවසා තිබෙන අතර මේ සම්බන්ධයෙන් සොයා බලා එම සේවකයන්ට අදාල මුදල ලබාදීමට සලස්වන ලෙස ද ඔහු ඉල්ලා තිබේ.

Exit mobile version