සේවා දිගු ඉල්ලා වැඳ වැටෙන බන්ධනගාර නිලධාරීන්. සුදුසුකම් තිබෙන නිලධාරීන් කුණු බක්කියට .

මේ කතාව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයේ පමණක් නොවේ. සමස්ත රාජ්‍ය සේවයේම තිබෙන කතාවකි. 2006 මහින්ද රාජපක්ෂගේ ආගමනයත් සමගම සුදුස්සන් , විශේෂඥයන් වෙනුවට “ලොක්කට එහෙයි” කියන නිලධාරීන්ට උසස්වීම් ලබා දීම , ඇගයීම් ලබා දෙමින් දූෂිතයන්ට තව දුරටත් බලයේ රැදී සිටීමට අවශ්‍ය පරිසරය ලබා දුන්නාය. අධිකරණ පද්ධතියට පවා දැවැන්ත හානියක් සිදුකිරීම මහින්දගේ වැඩකි. සුදුස්සන් වෙනුවට නුසුදුස්සන් පත් කිරීමේ ඔහුගේ ක්‍රමය රාජ්‍ය සේවයේ අනෙකුත් නිලධාරින්ද ක්‍රියාවට නන්වන ලදී. කවුරු කුමක් කීවත් මේ විනාශයට හේතුව වුයේ ජේෂ්ඨතත්වයට සහ හැකියාවට මෙන්ම සුදුස්සාට සුදුසු ස්ථානය නොලැබීමේ ප්‍රතිපලය නිසාය.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරය පරිපාලනය තුල සුදුසු කම් තිබෙන අදිකාරී වරුන් 7 දෙනෙකු පමණ සිටින බව වාර්තා ඒ. නමුත් ඔවුන්ගෙන් ලබා ගත යුතු ප්‍රයෝජනයක් නොගෙන පසෙකට දමා තිබෙන බව වාර්තා වෙයි. අපට තොරතුරු ලබා දෙන විශිෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ ඒවා පවසන්නේ දැඩි කණගාටුවෙනි. ඔවුන්ට ඉදිරියට යාමට තනතුරු තිබුනත්  උසස් නිලදාරීන් 4 දෙනෙකු  සියලු තනතුරු අත්පත් කරගෙන සිටින බැව් වාර්තා වෙයි. අප මෙම තොරතුරු ඉදිරිපත් කරන්නේ අපට ලැබෙන වාර්තාවලට අනුව බැවින් ඒවා පිලිබදව සොයා බලා වරදක් සිදුව තිබේ නම් ඒවා නිවැරදි කිරීම බලධාරීන්ගේ වගකීම සහ යුතුකම වේ. ලැබී තිබෙන තොරතුරුවලට අනුව ජේෂ්ඨ ලයිස්තුවේ ඉහලින්ම සිටින අධිකාරිවරයා වන්නේ බස්නායක නමැති නිලධාරියෙකි. වාර්තාවන ආකාරයට මේවන විට ඔහුගේ රාජකාරිය වන්නේ පියන් තනතුරක් වැනි දෙයක් බව කියවේ. තනතුරු බදාගෙන සිටින උසස් නිලදාරීන් සිව් දෙනාගේ ලිපිගොනු ඇදීම මෙම බස්නායක නමැති  අධිකාරිගේ කටයුත්ත බවට වාර්තා ඒ.  ලයිස්තුවේදෙවන ස්ථානයේ සිටින්නේ දිසානායක නමැති අධිකාරිවරයෙකි. ඔහු මැගසින් බන්දනාගාරයේ අදිකාරී ලෙස උදේට ඇවිත් හවසට ගෙදර යයි. තෙවැන්නා ලෙස වාර්තා වන්නේ ප්‍රසාද් හේමන්තය. ඔහු පරිපාලන සහකාර ලෙස පත් කර ෆයිල් ගොඩකින් වසා තිබේ. හතර වැන්නා අදිකාරී ජගත් විරසින්හයි. මුලස්ථාන අදිකාරී ලෙස ඔහුව පත් කර තිබේ. ඔහුට තිබෙන්නේ මල්පැල වලට වතුර දැමීම තීන්ත අලේප කිරීම වැනි කටයුතු අධීක්ෂනයන් බවද කියා වේ.  පස් වැන්නා වන සමන්ත අලහකෝන් දුම්බරට පිටත් කර ඇත්තේ කොළඹ සිටියොත් දුශිතයන්ගේ පැමිණිලි නිසි අයුරින් විභාග කර හොරුන් එලවන නිසා බවද කියා වේ.  හය වැන්නා  අදිකාරී වලිසුන්දරයි. ඔහුව වැලිකඩ බන්දනාගාරයට ගාල් කර ඇත. ඔහුද නිදහසේ කල් ගත කරන්නේ ඔහුගේ දැනුමට දැනට තිබෙන රාජකාරිය සුළු දෙයක් නිසාවෙනි. හත් වන්නා වාසනාවන්ත වුවද ඔහුට පුහුණු පාසලේ අදිකාරී ලෙස යොදවා තිබේ.

මෙම නිලදාරීන් ගෙන් පළමු තිදෙනා සහකාර අදිකාරී වරුන් ලෙස සේවයට එක්වුවෝ වෙති. ඔවුන්ගේ සේවා කාලය වසර දහයක් පමණ වෙති. අනෙත් අදිකාරී වරුන් හතර දෙනා ගේ සේවා කාලය වසර 36කි. දැනුම හැකියාව තිබුනද ඔවුන් කුණු කුඩයට දැමීමට හේතුව වී ඇත්තේ  උසස් නිලදාරීන් හතරදෙනා හට විශ්‍රාම නොගොස් සේවා දිගුවක් ලබා ගැනීමට හැකිවීමට හේතු සාදා ගැනීමටයි. ඔවුන් අමාත්‍යංශ නිලධාරීන් ලග හඩා වැටෙමින් “පළපුරුදු නිලදාරීන් නොමැති නිසා තව වසරක් දෙන ලෙස” ඉල්ලා සිටින බවද වාර්තා වේ.

කෙසේ නමුත් තවත් මෙහි සැඟවුණු කතාවක්ද තිබෙන බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එනම් බන්දනාගාර පද්ධතිය තුල සිදුවන දුෂිත ක්‍රියා මෙහෙයවන “නැව සහිත අත” සහ “දුෂිත දේශපාලකයින්” විසින් මෙම නිලදාරීන්ගේ උසස් වීම් වලට වැට බැද ඇති බවයි. මොවුන් තනතුරු වලට පත් වුවහොත් කිහිප දෙනෙකුගේ අදායම් මාර්ග අවහිර වීම නිසා මෙම නිලදාරීන්ට උසස්වීම් නොදෙන බව බන්ධනගාර නිලධාරීන් පවසති. කෙසේ වෙතත් අප ඉහතින් සදහන් කර තිබෙන දේවල් සියල්ල බන්ධනාගාරය තුල සිදුවන්නේනම්, සියල්ල හෝ එකක් හෝ සිදුවන්නේ නම් එය රටට කරන අපරාදයකි.

විශ්‍රාම යා යුත්තෝ අනෙකාට රාජකාරිය පවරා තව දුරටත් එය විනාශ නොකර ගෙදර යා යුතුය. එය තමන්ගේ බුදලයක් නොවේ. දිගින් දිගටම සේවයේ රැදී සිටීමට වෙර දරන නිලධාරින්ගෙන් අප අසන්නේ එක දෙයකි. බන්ධනාගාරය දූෂිත බව ඔබ දන්නේද. අවුරුදු 35 ක් පමණ සේවය කර ඔබ බන්ධනාගාරයට ලබා දී තිබෙන්නේ මොනවාද?. ඔබ සේවයට පැමිණෙන විට ශ්‍රී ලංකාවේ සිර කරුවන් කි දෙනෙක් සිටියාද ?. දැන් කි දෙනෙක් ඉන්නවාද?. එදාට වඩා අද එක් සිරකරුවෙකු හෝ වැඩි වී සිටින්නේ නම් එයින් කියවෙන්නේ ඔබ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙනුවෙන් කිසිවක් කර නොමැති බවයි. ඔබ නිසි ලෙසම රාජකාරිය ඉටු කලේ නම් මෙතරම් වැරදිකරුවන් නැවත නැවත වැරදි කර සිරගෙදරට පැමිණෙන්නේ නැත. නිසි බලධාරීන් දැන්වත් බන්ධනාගාර සුද්ධ කල යුතුය

Exit mobile version