බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ෛඑතිහාසික කුඩා කතරගම දේවාලයේ වර්තමාන බස්නායක නිලමේගේ දූරකාලය මේ මස අවසන් වීමට තිබේ.
මෙම දේවාලයේ බස්නායක නිලමේවරුන් ලෙස අවුරුදු ගණනාවක්ම කටයුතු කර තිබෙන්නේ ජනක රවීන්ද්‍ර කළුපහන මහතා, ඔහුගේ පියා සහ පියාගේ පියාය.
වර්තමානය වන විට මෙම දේවාලය අභාවයට යමින් එහි නින්දගම් වැසියන්ට ගැටළු ගණනාවකටම මුහුණ දීමට සිදුව ඇති වුවත් ඔවුන්ගේ ප්‍රශ්න විසදීම සදහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා හෝ හල්දුම්මුල්ල පොලිසිය කටයුතු නොකරන බව එහි වැසියන් චෝදනා කරයි.
ජනක රවීන්ද්‍ර කළුපහන මහතාට විරුද්දව ඔහුගේ වංචා සහ දූෂණ ගනනාවක් තිබුනද ඒවා බාරගැනීමට හල්දුම්මුල්ල පොලීසිය කටයුතු නොකරන බවද, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාද නිහඩ බවද සිය ගනනාවක් ජනතාව සදහන් කරයි.
අවට පන්සල් 4 ක හිමිවරු සහ ජනතාව එක්ව මේ වන විට ජනක රවීන්ද්‍ර කළුපහන මහතාට විරුද්ධව මහජන පෙත්සමක් අත්සන් කර තිබෙන අතර, බස්නායක නිලමේවරුන්ගේ සංගමයෙන්ද දේවාල වල නිලවරණ කල් නොදමන ලෙස ඉල්ලා අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගෙන් ඉල්ලා තිබේ. කෙසේ වුවත් වැරදි නිසා සහ ජනතාව පීඩා කිරීමෙන් තර්ජනයට ලක්ව සිටින බස්නායක නිලමේවරුන්ගේ දූර කාලය දීර්ඝ කිරීමෙන් එම බස්නායක නිලමේවරුන්ගේ ජීවිත වලට තර්ජන සිදුවන අතර බලංගොඩ උග්ගල් අලුත් නුවර කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාටද අවස්ථා 7 කදී පමාන් අසූචි ප්රහාරයන්වලට ලක් ව තිබුනද ඔහුගේ ක්‍රියා කලාපයද වෙනස් වී නැති බවද ජනතාව සදහන් කරයි.
මෙම ගැටළු මෙසේ තිබියදීත් ඒවාට විසදුම් ලබා දීමට බෞද්ධ කටයුතු කොමසාරිස් සහ රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බස්නායක නිලමේවරුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ මහජන පැමිණිලි විසදීමට පොලීසිය කටයුතු නොකිරීමෙන් මහජනතාව නීතිය අතට ගනු ඇති බවත් එහිදී මිනිසුන් මෙන්ම බස්නායක නිලමේවරුන්ට පවා මරණය පවා උරුම විය හැකි බවද ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය ඊයේ සදහන් කළේය. ඊයේ කොළඹ පොලිස් මූලස්ථානය වෙත සිදුකර තිබු, විශේෂ අපරාදයක් පිළිබඳව විශේෂ පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාද්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් එම සංවිධානයේ නියෝජිතයන් එම ප්‍රකාශය කරන ලදී. රජයෙන් වැටුප් ලබන උදවිය මෙසේ ජනතාව අනතුරේ හෙලීමට කටයුතු කිරීම දැඩි අනතුරක් බවද සදහන් කරන ලදී.
ඔවුන් තව දුරටත් සඳහන් කරමින් කියා සිටියේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ද, මහනුවර අලවතුවල දේවාලයේද, බලංගොඩ උග්ගල් අලුත් නුවර කුඩා කතරගම දේවාලයේද, සොරගුණේ කුඩා කතරගම දේවාලයේද, ගොඩකවෙල අමම්ඩුව කුඩා කතරගම දෙවලයේද, යන දේවාල වලද සිදුවන විනාශයන් වලක්වා ගැනීමට කිසිදු බලදරියෙකු කටයුතු නොකරන බවද, බොහෝ නිලමේවරුන් සිදුකරන්නේ දෙවියන්ට සහ බුදුන්ටත් ගරහමින් ඒවා විනාශ කරමින් වෙළදාම් කරන බවද සදහන් කරන ලදී. කෙසේ වුවත් නින්දගම්වල ජනතාව විදින පීඩාවන් වලින් ඔවුන් බේරා ගැනීම සදහා තම සංවිධානය නීත්‍යනුකූලව කටයුතු කරන බවද, ජනතාව කුපිත වී යම් යම් අපරාධ සිදු වුවහොත් අදාළ පොලිසි වල ස්තානාධිපති වරු මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් වග කිව යුතු බවද, ඒවායින් ඔවුන්ට ගැලවී යාමට ඉඩ නොතබන බවද ඔවුන් වැඩි දුරටත් සදහන් කරන ලදී.