විහාර සහ දේවාල වලට අයත් පූජනීය වස්තූන් මෙන්ම ඒවාට අයත් දේපලද බහුතරයක් වූ බස්නායක නිලමේවරුන් විසින් විනාශ කරන්නේ එදා සුද්දාට ශ්‍රී ලංකාව පවා දුන්නා සේය. ඔවුන්ගේ ජානවලින් පැවත එන බොහෝ බස්නායක නිලමේවරුන් දශක කිහිපයක සිටම සිදුකරන්නේ බුදු දහමද විනාශ කිරීමයි. එසේ ලියන්නටත්, කියන්නටත් අපට ඕනා තරම් සාක්ෂි තිබේ. නමුත් වගකිව යුතු ඉහලම රාජ්‍ය නිලධාරියා වූ බෞද්ධ ශාෂණ කොමසාරිස් ජනරාල්වරු යැපුණේ ඔවුන් ලබා දෙන අල්ලස් මුදලිනි.
දහස්ගණනක් වූ ගොවිජනතාවගේ ජීවිත මහපාරට ඇද දමමින් රුපියල් මිලියන හයකට ඉඩම් අක්කර 628 ක් ඇමරිකානුවෙක් වන වාසු රාසයියාට පවරා දෙන්නේ නීතිවිරෝදී ලෙසය. එම කාරනාව සිදුකරන්නේ සොරගුණේ දේවාලයේ බස්නායක නිලමේ වන ජනක රවීන්ද්‍ර කළුපහන විසින් දේවාලයේ නිළ රාජකාරී ඉටුකරමින් සිටින වැසියන් පාරට ඇද දමමින් බවද, 2011 – 07 – 04 දින කොටවෙහෙර මංකඩ, කණ්ඩියපිට, අලුත්වැව, හම්බෙගමුව, යන ග්‍රාම සේවා වසම්වල වැසියන් විසින් එවකට ඌව පළාත් සභා මහා ඇමති ශාෂීන්ද්ර රාජපක්ෂ වෙත ලිපියක් ඉදිරිපත් කර තිබුණි. නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු කටයුතු කරන්නේද අල්ලසට, දූෂණයට ඉඩ දෙමින් ඔවුන්ගෙන් අල්ලස් අරගෙන බවද අප වාර්තා කර තිබේ. එවන් වටපිටාවක් ඇති රාජ්‍ය සේවකයන්ගේ මේ දූෂිත ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස අද (04) ලංකාදීප පුවත් පත මගින් අනාවරණය කර තිබෙන්නේද සොරගුණේ දේවාලයට අයත් ඉඩම් මන්කොල්ලයකි. එය අප කෙටියෙන් සදහන් කරන අතර අපට පෙනෙන්නේ වර්තමාන බෞද්ධ කටයුතු කොමසාරිස්ද මෙතෙක් කාලයක් ජීවත්ව තිබෙන්නේ ඔවුන්ගේ අල්ලේ නැලවූ පුද්ගලයෙකු ලෙසයි.
මේ එම පුවත්පතේ සදහන් කරුණු පිලිබඳව කෙරෙන විග්රහයකි.
ජනතාවගේ චෝදනා සහ ලිඛිත සාක්ෂි අනුව සිද්ධිය
- සොරගුණේ දේවාලයට අයත් ඉඩම් හොර ඔප්පු හදා විකුණලා
- එකම ඉඩමට හිමිකරුවෝ 4-5ක්
- චෝදනා එල්ල වෙන බස්නායක නිලමෙට සේවා දිගුව දී ඇත්තේ හිටපු ජනපති
- දේවාල රාජකාරි සදහා මුදල් දුන්නම රිසිට්පත් ලබා දෙන්නේ නෑ
- පොලිසියට පැමිණිලි කලාම බස්නායක නිලමේවරයාගෙන් බලපෑම්
සොරගුණේ දේවාලයේ බස්නායක නිලමේගේ – බබා පිළිතුර
- මට ඉඩම් විකුණන්න බලයක් නෑ
- මම දුන්නේ බදු ඉඩම් විතරයි.ඉඩම් ගත් අය දේවාලයේ අවසරය අරගෙන නෑ
- දේවාලයේ රාජකාරිත් පැහැර හැරලා
- මට වගකියන්න පුලුවන් මගේ කාලයේ ඒවාට විතරයි
මොන්ටිසෝරි බබෙක් වූ – බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ පිළිතුරු
- බස්නායක නිලමේවරයාට එරෙහිව පැමිණිලි ලැබිලා තියෙනවා
- ඒ ගැන විමර්ශනයක් මේ දිනවල සිදුවෙනවා
- නිල කාලය වසරකින් දිගු කළේ ජනාධිපතිවරයාට දේවාල පනතින් ලැබුණු බලතල අනුවයි
ශ්‍රී රාවණා සටහන.
මේ ලිපිය කියවද්දී දැනෙන වටිනාම හැඟීම නම් මේ සියල්ලෝම එකතුව බුදු දහම විනාශ කර තිබෙන බවයි. ඔවුන් විහාර දේවාල ගම් පනතේ සමහර වගන්තීන් වලට මුවා වී ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සහ අන්කුත් පොදු නීතින් උල්ලංඝනය කර තිබේ. බෞද්ධ දර්ශනයට හානි කිරීමට නොහැකි බවට වන ඉහලින්ම තිබෙන නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියයි. එම වගන්තිය සුරැකීමේ ප්‍රධානතම පුද්ගලයන් වන්නේ ජනාධිපති ප්රමුඛ රාජ්‍ය සේවය මෙන්ම ආයතන සංග්‍රහය යටතේ සේවයේ දී සිටින දියවඩන නිලමේ සහ අනෙකුත් බස්නායක නිලමේවරුන්ය. දියවඩන නිලමේවරයාගේ පරීක්ෂණ වුවත් පැවැත්විය යුත්තේ වැඩ තහනම් කරමිනි. සොරගුණේ බස්නායක නිලමේවරයාගේද එසේමය.
මෙම සිද්ධිය තුලින් අප වෙත ලැබී තිබෙන වාචික සාක්ෂිවලට අනුව සහ ලිඛිත සාක්ෂිවලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනත නොවීම, ජනරජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම, රාජ්‍ය මුදල් සාවධ්‍ය ලෙස පරිහරණය කිරීම සහ එසේ කිරීමට ඉඩ හැරිම, රජයේ සම්පත් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ ඉඩ හරිම, රජය අයිතිවාසිකම් වලට හානිවන ලෙස කටයුතු කිරීම, රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම, කූට ලේඛන සැකසීම යනාදී චෝදනාවන් බැලු බැල්මටම දක්නට තිබේ. ඒ පිලිබඳව නිසි විමර්ශනයක් කරමින් තව දුරටත් සාක්ෂි සෙවිය යුතුය. නමුත් මෙම බස්නායක නිලමේවරුන් රාජකාරියේ යෙදී සිටියදී පරීක්ෂණයක් සිදුකරන්නේ නම් සත්‍ය අනාවරණය නොවනු ඇත. ඔවුන් තම දේශපාලන හයිය මත අහිංසක ජනතාවට තර්ජනය කරන බව අප සටහන් කර තිබේ. එසේම සාක්ෂි විනාශවන බවද පැහැදිලිය.
ආයතන සංග්‍රහයේ ll පරිච්ඡේදයේ 31 වැනි ජේදයට අනුව ඉහතින් සඳහන් කල වැරදි දක්නට ලැබෙන අතර ආයතන සංග්‍රහයේ 31:5:1 සහ 31:5;2 යන වගන්තීන් වලට අනුව වහාම වැඩ තහනම් කර විමර්ශනයක් ආරම්භ කිරීමට විනය බලධාරියාට නීතියෙන්ම බලය ලැබී තිබේ. අප විසින් ද නිසි විමර්ශනයක් සිදුකරමින් මෙම කරුණු අනාවරණය කර තිබේ. නමුත් නිසි විමර්ශනයක් සිදුකරිමට අවශ්‍ය කොන්ද තවමත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලැබී නැත. ඔවුන්ගේ බබා ක්‍රමය ඉවත්කර නිසි විමර්ශනයක් කිරීම නිසි විනය බලධාරියාගේ රාජකාරිය වේ. ඔහු ඔවුන්ගෙන් අල්ලස් ලබා ගෙන නැතිනම් එසේ නිසි විමර්ශනයක් සිදුකල යුතුය. නමුත් ඔහුට එසේ නිසි ලෙස විමර්ශනයක් කිරීමට අවශ්‍ය නැති බව පෙනේ.