සෝමාලියානු හෝටලයකට ප්‍රහාරයක්.

සෝමාලියාවේ මොගඩ්ෂු නුවර පිහිටි හෝටලයකට ඉස්ලාම් සටන්කාමී සංවිධානයක් විසින් ප්‍රහාරයක් එල්ලකර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අල් ශබාම් නමැති එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් එම හෝටලය තම පාලනයට ගෙන ඇති බවට ප්‍රකාශයක් කර ඇති බවයි.

අදාළ හෝටලය තුළට සටන්කාමීන් කඩා වැදී වෙඩි තැබීම් සිදු කර ඇති අතර ඊට පෙර එහි පිපිරීම් දෙකක් ද සිදුකර ඇති බව වාර්තා වේ.

අදාළ හෝටලය රාජ්‍ය නිලධාරීන්ගේ හමුවීම් සිදුවන ප්‍රසිද්ධ හෝටලයක් වන අතර  අදාළ පිපිරීමෙන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version