ඉන්දීය දූලි අංශුවල බලපෑම මත ශ්‍රී ලංකාවේ වායු දුෂණය පිළිබඳව දැඩි අවදානයක් යොමු වී තිබෙන පසුබිමක මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් වායු දුෂණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අප දෛනිකව වායු ගෝලයට මුදාහරින විෂ වායු ප්‍රමාණයද දිනෙන් දින ඉහළ යන බවත් එම තත්වය අවම කරගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී තව තවත් අවදානම්වලට මුහුණදීමට සිදුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කර තිබේ.