සෞඛ්‍ය ලොක්කෝ ලක්ෂ 4170 ක් ගසා කාලා.

ඊයේ (02) ලංකාවේ මිනිස්සු අවධානය යොමු කල එක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුයේ වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා පරිඝණක පද්ධතියක් ගැනය. එහිදී කියවුනේ එම පද්ධතිය සැකසීම සදහා මේ වන විට ලක්ෂ 7000 කට ආසන්න ප්‍රමාණයක් වැය වී තිබෙන බවත් අවුරුද්දකට තවත් ලක්ෂ 600 බැගින් ඊ විස් නමැති පරිඝනක නිෂ්පාදන ආයතනය වෙනුවෙන් ගෙවිය යුතු බවයි. 

ඊ විස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විශේෂ හෙළිදරව්වක් කරමින් තමන් එවැනි මුදලක් ලබා නොගත් බවත්, ලබා ගත්තේ ලක්ෂ 2123 ක් බවත් ඒ සදහා සමස්ත ලංකාවම ආවරණය කිරීම සදහා ජාල සම්බන්ධතාවය, විදුලි ජනක යන්ත්‍ර, මේස සහ පුටු ඇතුළුව පරිඝණක 300 ක්ද අයත් බවද පැහැදිලි කරන ලදී.

ඔහුගේ ප්‍රකාශයට අනුව ඔහු ලබාගෙන තිබෙන්නේ ලක්ෂ 2123 කි. වෛද්‍ය සැපයුම් කළමනාකරණය ආයතනය කරුණු දක්වමින් කියා සිටින්නේ ඔවුන් ගෙවා ඇති මුදල ලක්ෂ 6444 කි. එසේ නම් ඉතිරි ලක්ෂ 4170 කුමක් සිදු වුයේද? 2015 සිට ගෙවනවා යයි පැවසූ වාර්ෂිකව ගෙවන ලක්ෂ 600 අවුරුදු 5 කට ආසන්න කාලයක් ගෙවා ඇත්තේ කාටද ?

වැඩි විස්තර සදහා වීඩියෝව බලන්න.

Exit mobile version