සෞඛ්‍ය අංශ ලෙඩ වීමෙන් රටම ලෙඩවෙනවා – වසන්ත සමරසිංහ.

වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් විසින් පවසා ඇත්තේ ලබන සිකුරාදා වන විට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් එළඹෙන සදුදා සිට බලහත්කාරයෙන් හෝ රට වසා දමන බවයි.

වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් පිරිසක් එක්ව පැවැති සාකච්ඡාවක දී මේ පිළිබඳ තීරණය කර බව ඔවුන් පවසයි.

රට තුළ කොවිඩ් තත්ත්වය බරපතළ ලෙස සමාජගත වෙලා තියෙනවා කියන කාරණය සෞඛ්‍ය අංශ මේ වන විට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. සෞඛ්‍ය අංශ මේ කොවිඩ් – 19 රෝගීන් ව දරාගත නොහැකි බරපතළ තත්ත්වයකට පත්වෙලා. සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය මිය යනවා. රජය සේවකයින් මිය යනවා. පෞද්ගලික අංශයේ සේවකයින් මිය යනවා. සෞඛ්‍ය අංශ ලෙඩ කිරීම කියන්නේ රටම ලෙඩවෙනවා. කොවිඩ් – 19 තත්වය යටතේ තවදුරටත් මේ විදියට ඉස්සරහට ගියහොත්. අද අපි වෘත්තිය සමිති විදියට තීරණයක් ගන්න මැදිහත් වුණේ, ආණ්ඩුවේ අසමත්කම වහගන්න කොවිඩ් පාවිච්චි කරනවා. මේ රටේ ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කොවිඩ් – 19 පාලනය කරන්න ආණ්ඩුව දැන් යොමු වෙලා නෑ”

කෙසේ නමුත් රට වසා දැමීමට ගන්නා තීරණය තුළින් දෛනික ආදායම් මාර්ග ලබන පිරිස් දැඩි දුෂ්කරතාවයට ලක්වන බවයි, එම පිරිස් පවසන්නේ.

Exit mobile version