සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අද (15) දිනයෙන් අවසන් වන නමුත් එය තවදුරටත් දින 15ක් දක්වා දීර්ඝ කරන බවයි.
එමෙන් ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාටම බූස්ටර් එන්නතක් ලබා දීමට තීරණය කර ඇති බවත් එනිසා නොවරදවා ළඟම ඇති රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අදාළ එන්නත ලබා ගැනීමට යොමුවිය යුතු බවත්ය.
එමෙන් ම මේ වන විට රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා වලත් මෙම බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර ඇති බවත් රට විවෘතව තබාගනිමින් රටේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට එම බූස්ටර් එන්නත ලබා ගැනිම ඉතා වැදගත් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.