හංවැල්ලේ කොල්ලකරුවන්, කම්කරුවන්ගේ ග්‍රහනයට

බගවන්තලාව බ්‍රිඩ්වේල් ප්‍රදේශයේදි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කඩා ගෙන යතුරු පැදියකින් පලා යාමට තැත්කල පුද්ගලයන් දෙදෙනකු බගවන්තලාව පොලිසිය විසින් විසින් පසුගියදා අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.


මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බගවන්තලාව බ්‍රිඩ්වේල් වතුයායේ සිට බගවන්තලාව නගරය දෙසට ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය යතුරුපැදියකින් පැමිනි පුද්ලයන් දෙදෙනකු කඩා ගෙන ගොස් ඇති බවත්ය.


තම ගෙල බැදි රන් මාලය කඩාගෙන යන දෙදෙනා පිලිබදව අදාල කාන්තාව කැගැසිමත් සමග අසල තේවතුයායේ සේවය කරමින් සිටි පිරිසක් රන් මාලය කඩාගෙන යන එක් අයකු අල්ලාගෙන පොලිසියට බාර දිමට පියවර ගත් බවත් පසුව බගවන්තලාව පොලිසියේ නිලධාරින් හා වතු කම්කරුවන් පිරිසක් විසින් කරන ලද සෝදිසියකදි තේ වතුයායේ සැගව සිටි අනික් පුද්ගලයාද අත් අඩංගුවට ගත් බවත්ය.


මෙම පුද්ලයන් දෙදෙනා හා ඔවුන් පැමිනි යතුරු පැදියද අත් අඩංගුවට ගෙන පරික්ෂාවට ලක් කිරිමේදි මෙම දෙදෙනා සන්තකයේ තිබි හෙරොයින් පැකට් දෙකක් සොයා ගත් බවත් මෙම දෙදෙනා මත් ද්‍රව්‍ය බාවිතයට ඇබ්බැහිවි ඇති පුද්ගලයන් බවද අනාවරණයවි ඇති බවද එම නිලධාරියා පැවසිය.


මෙම පුද්ගලයන් දෙදෙනා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 27ත් අතර තරුණයන් දෙදෙනකු වේ

Exit mobile version