ඉංගිරිය රයිගම්වත්ත පහළ කොටස ප්‍රදේශයේ දි හක්ක පටස් එකක් පිපිරීමෙන් කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බවට ඉංගිරිය පොලිසිය පවසයි.
රෝහල් ගත කර ඇත්තේ වයස අවුරුදු හයක කුඩා දරුවෙකි.
එම පිපිරීමෙන් වයස අවුරුදු තුනක සහ හතක තවත් දරුවන් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇතත් ඔවුන්ට රෝහල් ගතවීමට තරම් බරපතළ තත්ත්වයක් නොමැති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
කුඩා දරුවන් පිරිස හක්ක පටස් එකක් බව නොදැන එමගින් සෙල්ලම් කරමින් සිටියදී එකවරම පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බරපතළ තුවාල ලද දරුවා ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව සදහන්.
එම දරුවාගේ දකුණු ඇහැට, දකුණු කම්මුලට හා දකුණු උරහිසට බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පවසා තිබේ.
කුඩා දරුවන් වෙත හක්කපටස් එක ලැබුණ ආකාරය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව වාර්තා වේ.
පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව සදහන්.
ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.