මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්රදේශයේ නිවසක සඟවාගෙන සිටි හක්බෙල්ලන් 30,000 කට අධික ප්රමාණයක් අනවසරයෙන් ළඟ තබාගැනීම හේතුවෙන් කාන්තාවක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් අපරාධ විමර්ශන අංශය පවසා ඇති බව වාර්තා වේ.
නාවික හමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව ඒ් පිළිබඳව පොලීසියට දැනුම් දී ඇති අතර පසුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එරුක්කලන්පිඩ්ඩි ප්රදේශයේ නිවසක් වටලා මෙම සෝදිසි කිරීම සිදුකොට ඇත.
එහිදී හක්බෙල්ලන් නිවස තුල සහ පිටත අනවසරයෙන් හක්බෙල්ලන් 30,000 ළඟ තබාගෙන සිටියදී නිවසේ හිමිකාර කාන්තාව ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගනු ලැබීය.