- නියෝජ්‍ය විදුහල්පති සහ හිමිනමක් පාසලේ කසිප්පු බොනවා!
- නියෝජ්‍ය විදුහල්පති මීට පෙර වෙනත් පාසලකින් දෙමාපියන් විසින් පන්නලා!.
- ගමේ පන්සලේ හමුදුරුවන්ටත් කසිප්පු පොවලා!
- දැරියන් තිදෙනක් අපයෝජනය වෙලා!
- නියෝජ්‍ය විදුහල්පතිගේ ගමත් එම පාසලත් එකම ගමේ!
- හොදට හිටිය විදුහල්පතිගේ පාලනයෙන් පාසල ගිලිහිලා!
- අහිංසක ගම් වැසියන් උද්ඝෝෂණයකට පොලඹවයි!
- විදුහල්පති ඕනි කියා සියල්ලම කණපිට හැරවීමට පෙත්සමකුත් අත්සන් කරයි!
රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිගෙපොල හටංගල විද්‍යාලයේ කටයුතු ගණනාවක් විදුහල්පතිගේ පරිපාලනයෙන් බැහැරව සිදුවන බවත් එම පාසලේ නියෝජ්‍ය විදුහල්පති සහ හිමිනමක් පාසල තුල කසිප්පු බොන බවත්, එය පාසල් වෙලාවෙත්, ඉන් පරිභාහිරවත් පාසල භාවිතා කරමින් කසිප්පු ඇතුළු මත්ද්‍රවය භාවිතා කරන බවටත් බුද්ධිමත් මෙන්ම ගමට හිතැති ජනතාව පවසයි.
එසේම මෙම පාසලේ දරුවන් ගණනාවකට මෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයා විවිධ අකටයුතුකම් කර තිබෙන අතර, දියණියන් තිදෙනකුද අපයෝජනය කර තිබේ. නමුත් මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයාද මෙම ගමේම නිසාත්, ඔහුට තිබෙන බිය නිසාත් එම කරුණු දෙමපියන් විසින් සගවාගෙන සිටිති. තවද මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයාට එරෙහිව මීට පෙර මෙම ගමේ විවිධ ස්ථානවල පෝස්ටර් ගසා තිබේ.
මෙම නියෝජ්‍ය විදුහලපති, මෙම ගමේ විවිධ කාන්තාවන්ටද හිරිහැර කර තිබේ. ඔහුගේ ඥාතීන්ද විශාල ප්‍රමාණයක් මෙම ගමේ සිටි. ඔවුන් එකට එකතු වී ක්‍රියාකරනා බැවින්, සමස්ත ගමේම සිටින සියලුම දෙනාට සිදුව තිබෙන්නේ නියෝජ්‍ය විදුහල්පතිට අවශ්‍ය දේවල් සිදුකිරිමටය. නියෝජ්‍ය විදුහල්පතිගේ පදේටම නැටීමට සිදුව තිබෙන විදුහල්පති මුල් වකවානුවේ ඉතාම හොදින් පාසලේ පරිපාලනය පවත්වාගෙන ගොස් තිබේ. මේ වන විට ඔහුගේ පරිපාලනයද බිද වැටෙමින් පවතින්නේ නියෝජ්‍ය විදුහල්පතිගේ කෙරුවාවල් නිසා බව ගම් වැසියන් පවසයි.
මෙම නියෝජ්‍ය විදුහල්පති මීට පෙර සේවය කරන ලද, ඌරාවල නමැති පාසලකද, මෙවැනිම ආකාරයේ අපචාර හේතුවෙන් එම ගමෙන්ම පන්නා දැමීමට කටයුතුකළ බවද විවිධ පාර්ශ්වයන් පවසයි. ඔහු සමග සිටි ඔහුගේ විදුහල්පතිද ළමා අපචාර සිද්දියකට සිර ගත වී ඇතත්, පසුව නැවත විශ්‍රාමය සකසා ගෙන තිබේ.
සමහර නුගත් ගම වැසියන්, මෙන්ම ඔහුගේ ඥාතීන් පවසන්නේ “ඔහු කසිප්පු බිවට කමක් නෑ” යනුවෙනි. පාසලේ වෙනත් සිද්ධියක් නිසා විදුහල්පතිට ස්තානමාරුවක් ලැබෙනු ඇති බවට විශ්වාස කරනා ගම් වැසියන් කිහිපදෙනෙකු මේ වන විට නිවෙස් වලට ගොස් පෙත්සමක් අත්සන් කරමින් සිටි. එයද කරවන්නේ මෙම නියෝජ්‍ය විදුහල්පති විසින් වන අතර, ඔහුගේ වැරදි වසා ගැනීමට නුගත් මෙන්ම කිසිවක් නොතේරෙන ගම් වැසියන් මේ වන විට භාවිතා කරමින් සිටි.
මෙම ගම්මානයට සෑම දිනකම හවස් යාමයේ යන්නේ නම් නියොජ්‍ය විදුහල්පතිගේ කෙරුම් බලාගත හැකිය. කෙසේ නමුත් අප කන්ඩායමක් එම ගම්මානයට ගිය බව දැනගත් දිනයේ සිට ඔවුන් ඉතාම කල්පනාවෙන් සිටින බවද අප වෙත ලැබෙන අලුත්ම වාර්තාවල දක්නට හැකිය.
ගම් වැසියන්ට බලපෑම් කරමින් මෙසේ පෙත්සම් අත්සන් කරගන්නේ කුමක් නිසාද යන්න වෙනමම සෙවිය යුතුය. යමෙක් වරදක් කර තිබේ නම්, එය නීතිවිරෝදී නම් මහජන පෙත්සම්වලට එහායින් නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේම රාජ්‍යය නොමග යවා වැරදිකරුන් බේරා ගැනීම සදහා කුමන්ත්‍රණය කරනා පෙත්සම් අත්සන් කරනා පුද්ගලයන්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.
රටේ නීතිය අතටගෙන කටයුතුකරනා මෙවන් උප විදුහල්පතිවරු පාසලකට අවශ්‍යද?, ඔවුන් ගුරුකමටවත් සුදුසුද?. ගුරුකමටත් නිගා කරනා මෙවැනි පුද්ගලයන්, මුලදීම ගුරු සේවයෙන් පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයෙන් ඉවත්නොකර සබරගමු පළාත් අධ්‍යාපන බලධාරීන් කුමක් කලේද?. මේ වන විටත් හටංගල ගමේ කසිප්පුකාරයෙක් වන නියෝජ්‍ය විදුහල්පතිගේ ක්‍රියාකාරකම් වැලිගෙපොල පොලිස් ස්ථානාධිපතිගේ හෝ රාජ්‍ය බුද්ධි සේවයෙන් මග හැරුනේද?. ගුරු නාමයටත්, විදුහල්පති නමැති නාමයටත් කැලලක් කර තිබෙන මෙවැනි දුෂිත පුද්ගලයන් පාසලක් තුල තබාගෙන, පාසල් වල හැදෙන පුංචි එවුනට දෙන පණිවිඩය කුමක්ද?.කසිප්පු ඇතුලු මත්ද්ර්ව්ය වලින් සප්පායම් වී, ගමේ කාන්තාවන්ගේ අගුපිල්වල ලගින සහ කරදර කරන මොවුන් වැන්නන් ගැන සොයා අවශ්‍ය කටයුතු සිදු කිරීමට පලාත් අද්යාපන බලදාරීන්ගේ කොන්දට උනේ කුම්ක්ද?.
අධ්‍යාපන ඇමතිතුමනි, සබරගමු පළාත් ආණ්ඩුකාරතුමනි, මේ වාර්තාවේ සදහන් සියලුම කටයුතු සොයාබලා, නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරනා තෙක් ශ්‍රී රාවණා ලංකා අපි අවධියෙන්. (යම් පරික්ෂකයෙකුට තොරතුරු අවශ්‍ය නම් ඒවා නම් වශයෙන් ලබා දිමට හැකිය. ලිඛිතව විමසන්න. අංක 25 , බුද්ධාලෝක මාවත පිලියන්දල හෝ විද්‍යුත් තැපෑලෙන්)