පිටකොටුව මංසන්ධියේ විරෝධතාවක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
බදු පැනවීම සහ ජනතාව මුහුණ දී ඇති අධික ආර්ථික පීඩනය හමුවේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වුවත් ශ්රී ලංකාවේ වර්තමාන රජය සහ එහි මැති ඇමතිවරුන්ට ඒ පිලිබදව කිසිදු දැනීමක් නොමැති බව අප මිට පෙරද පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් යෝජිත නව ත්රස්ත මර්ධන පනත සම්මත වුවහොත්, ජනතාවට මෙවැනි විරෝදයක්වත් දැක්වීමට නොහැකි තත්වයක් උද්ගත විය හැකි බවට මේ වන විටත් අනාවරණය වී තිබේ.
මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමූහය විසිනි..