හදිසියේ රෝහල්ගත කෙරුණු කොටගල ප්‍රදේශයේ පාසල් සිසුන්

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක 6 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 13 දෙනෙකු සහ සිසුවියන් 29 දෙනෙකු ක්ලාන්තය, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් අද (11) දින කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කල බව එම විද්‍යාලයේ ගුරුවරුන් පැවසීය.  

එසේ රෝහල්ගත කල සිසු සිසුවියන් අතරින් කිහිපදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර තවත් සිසුන් පිරිසක් බාහිර රොගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව වෛද්‍යවරු පවසයි.

එසේම රෝහල්ගත කල සිසු සිසුවියන්ගේ තත්වය බරපතළ නොවන බවත් කොටගල  ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ඇත.

Exit mobile version