ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පසුගිය 05 වනදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් හදිසි නීතිය යළි සංශෝධනය කර ඇත.
අති විශේෂ ගැසට් පත්රයක් මගිල් ජූලි මස 18 වනදා පුකාශිත හදිසි අවස්ථා නියෝග ජූලි මස 21 වනදා යළිත් සංශෝධනය කරනු ලැබීය.
එසේම පෙරේදා දින නිකුත් කරන ලද සංශෝධිත ගැසට් නිවේදනයට අනුව පොලිස් නිලධාරීන් හා සන්නද්ධ හමුදා වෙත සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමට අදාළව හදිසි නීති රෙගුලාසි යටතේ බලය පවරා තිබූ දණ්ඩ නීති සංග්රහයේ 365,365 (අ)සහ 365 (ආ) හි දැක්වෙන අස්වාභාවික ,දරුණු ලිංගික අපචාර යන වැරදි ඉන් ඉවත් කර ඇත.
එමෙන්ම අදාළ නව සංශෝධිත ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක නිලධාරීන් වෙත සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ හැකි දණ්ඩ නීති සංග්රහයේ වැරදි කිහිපයක් අලුතින් ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
මෙසේ අලුතින් ඇතුළත් කර ඇත්තේ දණ්ඩ නීති සංග්රහයේ 408 හා 410 සිට 420 දක්වා වන මහජනතාවට සහ මහජන දේපලවලට අලාභහානි සිදු කිරීමට අදාළ වැරදි සම්බන්ධයෙනි.