හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදය සඳුදා.

ලබන සඳුදා (06) දිනයේ හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී වන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ.

මේ අනුව, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වන දින පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය ලබන සඳුනා දිනයේ දීපෙ.ව.10.00 සිට ප.ව.4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය වී ඇත්තේ පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමා කිරීමටයි.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 06 සහ 07 යන දෙදින තුළ පමණක් රැස්වීමට නියමිතව ඇත.

Exit mobile version