හදිසි නීති රෙගුලාසි විවාදය අද

අද (06) දින හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනෙක පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එම තීරණය ගෙන ඇත.

එම තීරණයට අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වන දා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය සඳුදා පෙ.ව.10.00 සිට ප.ව.04.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරු සම්මත කර ගැනීමට නියමිතය.

මෙම සතිය තුළ පාර්ලිමේන්තු කටයුතු දින 02ට පමණක් සීමා කර ඇති.කොවිඩ් වසංගත තත්ත්වය එයට හේතු වී ඇත.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

අද දිනය තුළ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ සේවකයින් හා පාර්ලිමේන්තු කටයුතු ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහා ද එම පරීක්ෂනවලට යොමු විය හැකි බව වාර්තා වී ඇත.

Exit mobile version