හදිසි රෝගී තත්ත්වයකින් 15 හැවිරිදි දැරිය මියයයි.

15 හැවිරිදි දැරියක් උදරයේ අපහසුතාවයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර පැය කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී අවාසනාවන්ත ලෙස ඇය මියගොස් ඇත.

මෙලෙස හදිසියේ ඇති වූ රෝගී තත්ත්වය හේතුවෙන් ඇය ඊයේ (22) දහවල් 12ට පමණ බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදි ඉතා අවාසනාවන්ත ලෙස දැරිය මියගොස් ඇත.

පසුව සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් ආසාදිතව සිටි බවටයි.

ඒ අනුව ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ආදාහනාගාරයේ දී සිදු කර ඇති බවයි වර්තාවන්නේ.

Exit mobile version