ඇලෙස්කාවට අඩි 40,000 ක් පමණ ඉහළින් පාවෙමින් තිබු හදුනා නොගත් වස්තුවකට ඇමෙරිකාවේ හමුදාව විසින් වෙඩි තබා බිම හෙලු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයට අයත් බැලුනයක් ඇමෙරිකාවේ ප්‍රහාරක යානයක් මගින් මිසයිල ප්‍රහාරයකින් බිම හෙළා දින 6 කට පසුව මෙම සිදුවීම සිදු වූ බව කියයි.
මෙම හදුනා නොගත් වස්තුව කුමක්ද , එය කවුරුන් හට අයිති දෙයක්ද , එහි අරමුණ කුමක්ද යන්න මෙතෙක් හදුනා ගෙන නොමැති බව ධවල මන්දිරය වාර්තා කරයි. මෙම වස්තුව චීන බලුනයට සමාන එකක් බවත් කුඩා මෝටර් රථයක ප්‍රමාණයට සමාන බවත් ධවල මන්දිරය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .
ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බ් පවසා සිටියේ සිවිල් ගුවන් කටයුතු සදහා තර්ජනයක් එල්ල විය හැකි නිසා එයට වෙඩි තැබූ බවයි.