හනුමන්තා දෙවියන් වැඳ, කිරිකල අරන් පත්තිනි මෑණිගෙ ආශිර්වාද ගන්න එයි.

හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි මැණියන්ගේ දේවස්ථානයේ 46වන වාර්ෂික උත්සවය මේ මස 23වන දින සිට පැවැත්විමට පියවර ගෙන ඇත.


මේ පිලිබදව අදහස් දක්වන එම දේවස්ථානයේ ප්‍රධාන පුජක විමලදාසන් බාලකුමාර් සර්මා පුජකතුමන් පවසන ලද්දේ හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි මැණියන්ගේ දේවස්ථානයේ 46වන වාර්ෂික උත්සවය මේ මස 23වන දින ආරම්භ වන බවත්ය.


ඒ අනුව 23වන සිකුරාදා දින පෙරවරු 7.30 සිට දේවස්ථානය තුල විශේෂ පුජාවන් පවත්වා පස්වරු 3.00ට පත්තිනි මැණියන් වෙනුවෙන් විශේෂ මුරුතැන් පොංගල් පුජාව පැවැත්වෙන බවත්ය.


24වන සෙනසුරාදා පෙරවරු 7.30 සිට දේවාලය තුල විශේෂ පුජාවන් පවත්වා පෙරවරු 9.30 හැටන් දුඹුරුගිරිය හනුමන්තා දේවාලයෙන් ආරම්භ වන කිරි කල පෙරහැර එම දේවාලයේ සිට බණ්ඩාරනායක පුර පත්තිනි දේවාලයට පැමිණ එම කිරිවලින් පත්තිනි මැණියන් දෝවනය කිරිමට පියවර ගන්නා බවත් එදින දහවල් දේවාලය ඉදිරිපිට දන්සලක් පවත්වන බවත්ය.


25වන ඉරිදා දින පෙරවරු 9.00 සිට දේවාලය තුල විශේෂ ඝනදෙවි පුජාවක් පවත්වා පස්වරු 3.00ට කහවතුරින් පත්තිනි මැණියන් දෝවනය කර අභිෂේක පුජාවක් පවත්වන බවත්ය.

Exit mobile version