හබරාදූවේ වෙඩි තැබීමක්.

හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ .

මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් පොලිස් නිලධාරීන් බව පවසමින් නිවසේ සිටි පුද්ගලයාව මෝටර් රථයෙන් රැගෙන ගොස් වෙඩි තබා මාර්ගයේ අත්හැර දමාගොස් ඇති බව සදහන් .

එම පුද්ගලයාගේ කලවා ප්‍රදේශයට වෙඩි තැබීම සිදු කර ඇති අතර, තල්පේ උතුර ප්‍රදේශයේ අත්හැර දමාගොස් සිටි ඔහු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ .

තුවාලකරු 30 හැවිරිදි මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version