හම්බන්තොටින් වී මිලදී ගැනීම ආරම්භ වෙයි.

ලුණුගම්වෙහෙර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා , කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගොවි සංවිධාන නියෝජිතයන් , හම්බන්තොට ගොවිජන සේවා සහකාර කොමසාරිස් , වී මෝල් හිමිකරුවන් ඇතුළු පිරිසකගේ දායකත්වයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , බෙරලිහෙල ප්‍රදේශයන් වී මිලදී ගැනීම ආරම්භ කළ බව දිස්ත්‍රික් ලේකම් එච් . පී . සුමනසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. මේ සදහා කටයුතු සම්බන්ධීකරණය ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කළ බව ද කියයි.

Exit mobile version