හම්බන්තොට කර්මාන්ත ශාලවක සේවයේ නියුතු විදේශිකයින් පිරිසකට කොවිඩ්

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි ඉන්දීය ජාතිකයින් 43 දෙනෙකුට කොවිඩ් අසාදනය වී ඇති බවට වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇති බවට හඳුනාගත් බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේ.

අනතුරුව සෙසු සේවකයින් ද කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි දී තවත් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිත ඉන්දීය ජාතිකයින් මේ වන විට හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

Exit mobile version