ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කරගැනීම වෙනුවෙන් හමාස් සංවිධානය සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව ඇතුලු මැදිහත්කරුවන් වෙත අදාළ යෝජනාව ලබාදී ඇති බවයි.
මෙහිදී පලස්තීන සිරකරුවන්ට නිදහස ලබාගැනීම සඳහා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය යෝජනා කර ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් ඊශ්‍රායලය ඇතුලු මැදිහත්කරුවන් අවසන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, හමාස් සංවිධානය යථාර්ථවාදී නොවන ඉල්ලීම් සිදුකරන බවට ඔවුන් චෝදනා කරති.