හමාස් – ඊශ්‍රායල ගැටුමෙන් මිය ගණන තවත් ඉහළට.

ඊශ්‍රායල හමුදා විසින් අඛණ්ඩව තෙවන දිනටත් දකුණු ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මේ වනවිට ඊශ්‍රායල හමුදාවේ ප්‍රමුඛ අවධානයක් දකුණු ගාසා තීරයට යොමුව ඇති අතර හමාස් සටන්කාමීන් අවතැන්වූ ජනතාව අතර සැඟව සිටින බවට ඊශ්‍රායල හමුදාව සැක පළ කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ වනවිට ගාසා තීරයේ සිදුකළ ප්‍රහාරවලින් පුද්ගලයින් 15,200 ඉක්මවූ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

Exit mobile version