හමුදාපතිවරුන්ගේ අසාර්ථක මෙහෙයුම. ඔවුන් “අපරාධ” කරුවන් .  මානව හිමිකම් කොමිෂම නිවේදනය කරයි.

අද (22) උදෑසන ගැමු මුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම විසින් ම්ලේච්ඡ , නින්ධිත ප්‍රහාරයක් ලෙස නම් කර තිබේ. ඔවුන්ගේ නිවේදනයට අනුව එයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වී තිබෙන බවත් එය හෙලා දකින බවත් එම නිවේදනයේ සදහන් වේ.

එහි වැඩි දුරටත් සදහන් වන්නේ ප්‍රහාරය එල්ල කල අපරාධකරුවන් වහාම හදුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. එම නිවේදනයේ විශේෂත්වය වන්නේ එම ප්‍රහාරය සිදුකල පුද්ගලයන් “අපරාධකරුවන්” ලෙස නම් කර තිබීමයි.

අප නිරන්තරයෙන්ම දිගින් දිගටම වාර්තා කරනුයේ ආරක්ෂක අංශ අමාරුවේ නොවැටී සිටිය යුතු බවයි. එයින් දිනක පීඩා විදින්නේ ආරක්ෂක අංශ නිලධරීන් පමණක් බව නිරන්තරයෙන්ම පෙන්වා දී තිබේ. මෙයින් සිදුවන්නේ ප්‍රහාරය සදහා සහබාගි වූ අණදෙන්නන්ගේ සිට හමුදාපතිවරුන් දක්වාම අපරාධකරුවන් වීමයි. පසුගිය මාර්තු 31 වැනිදා සිටම ආරක්ෂක අංශ හැසිරුනේ නින්දිත ආකාරයෙනි.

මේ ප්‍රහාරය වෙනත් ප්‍රහාරයන්ට වඩා අවධානයක් ගන්නේ අලුත් ජනාධිපතිවරයෙක් පත් වී පය 24 ක් වන්නටත් මත්තෙන් එල්ල කල ප්‍රහාරයක් බැවිනි. නීතියට අනුව කටයුතු නොකර, ජනතාව ත්‍රස්තවාදීන් සේ සලකා කටයුතු කරන්නට තරම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මන්ධ බුද්ධික නම් එරට ජනතාවට සිදුවන්නේ දෙවියන්ගේ පිහිට පැතීමට පමණි. දැන් දෙවියන්ගේ පිහිට ලැබෙමින් අධි තාකෂණය ඔස්සේ ආරක්ෂක අංශවල සමහර සාමාජිකයන්ගේ නිරුවත හෙළිවෙමින් පවතී.

Exit mobile version