අප මීට පෙර වාර්තා කරන ලද මහ පාරේ ගුටි ඇනගෙන බිරින්දෑවරු සමග යකා නැටු මේජර් ජෙනරාල්වරයාගේ හා බ්‍රිගේඩියර්වරයාගේ සියලු වරප්‍රසාද ඉවත් කොට, තනතුරුවලින් පහ කොට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙසේ මහ පාරේ ගුටි ඇන ගෙන තනතුරු අහිමි කරගෙන ඇත්තේ බ්‍රිගේඩියර් නිලයේ සිට පෙබරවාරි 4 වනදා උසස් වීම ලද නෙලුම් පොකුණ රඟහළේ විධායක නිලධාරියා ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් MG බාලචන්ද්‍ර හා මුලතිව් ආරක්ෂක සේනා බලඇණියේ ප්‍රධාන මාණ්ඩලික තනතුරේ කටයුතු කල බ්‍රිගේඩියර් S පෙරේරා යන අය වේ.
පසුගිය 15 වන දා දඹුල්ලෙ කදවුරක පැවැත්වූ උසස්වීම් සාදයට ඔඔවුන්ගේ බිරින්දෑ වරුන් සමග එකම මාර්ගයේ ගමන් කරමින් සිටියදී බ්‍රිගේඩියර් වරයා ගමන් ගත් යු.හ, 47146 දරන මෝටර් රථය මේජර් ජෙනරාල්වරයා ගමන් ගත් යු.හ, 16281 දරන මෝටර් රථය ඉස්සර කරයාම නිසා උරණ වූ මේජර් ජෙනරාල්වරයා තම මෝටර් රථයෙන් බ්‍රිගේඩියර් වරයාගේ රථය ඉස්සර කොට මග හරස් කර උසස් නිලදාරියෙකුට ගරු නොකර රතය ඉස්සර කළා යැයි බ්‍රිගේඩියර් වරයාගේ රියදුරාට පරුෂ වචනයෙන් බැනවැදී පහර දීමට උත්සහ දරා තිබේ. එම අවස්තාවේ මේජර් ජෙනරාල්වරයාගේ බිරිද මෝටර් රථයෙන් පිටතට ඇවිත් පවසා ඇත්තේ “ඔයා වැරද්දක්නේ කලේ පිළිගන්න ඕනි ආමි එකේ සීනියර් කෙනෙක් යනකොට එහෙම ඉස්සර කරලා යන්න පුලුවන්ද ” යනුවෙනි
එම අවස්ථාවේ රථයෙන් පිටතට ආ බ්‍රිගේඩියර් S පෙරේරා මේජර් ජෙනරාල් MG බාලචන්ද්‍ර විසින් තම රියදුරාට පහරදීමට ගත් උත්සාහය වළක්වාලමින් තම රියදුරු වරදක් නොකලබවත් මහමග ගමන්කරණ විට ජෙයෂ්ඨත්වයට යායුතුයි කියා හමුදා නීතියේ කොතැනක හෝ නැති බව පවසා තිබේ.
පසුව හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරු ද මෙම ගැටුමට මැදිව තිබේ. වීඩියෝව පහතින් බලන්න
යුද හමුදා පනතට අනුව මහා මාර්ගයේ ගමන් කල නොහැක. එසේම මෙසේ පාටි දැමීම් සදාහා රජයේ වාහන භාවිතා කල නොහැක.