පසුගිය හත් වනදා කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති විරෝධතාවේදී විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් දක්වන ලදී.
” බැටන් පොල්ලකට නිශ්චිත හැඩයක් තියෙනවා . වර්ණය ක් තියෙනවා . දිගක් තියෙනවා. ඒ කිසිවක් නැති පොල්ලක් අරගෙන කරේ ගහගෙන පාරට එනවා . ඊට පස්සේ හමුදා මාධ්‍ය ප්‍රකාශක කියනවා අපි දන්නෙ නෑ. හමුදාවද කියල හොයාගෙන නෑ. පිටිපස්ස විතරයි පේන්නෙ . ඉස්සරහා මූණ දැක්කෙ නෑ. “
එමෙන්ම අනුර කුමාර දිසානායක මහතා එහිදී තව දුරටත් සදහන් කරනු ලැබුවේ විරෝධතා වලදී එල්ල කරන කදුළු ගෑස් ප්‍රහාර නිසා මිය යන බවයි. එයට උදාහරණයක් වශයෙන් ගෙන ඔහු සදහන් කරනු ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ විරෝධය පැවති අවස්ථාවේ විරෝධතාවට කිසිසේත්ම සම්බන්ධ නොවුනු එම විශ්ව විද්‍යාලය තුළ සිටි ආරක්ෂක නිලධරියෙකුට එල්ල කළ කදුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් මද වේලාවකට පසු ඔහු මිය ගිය බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවසාන වශයෙන් මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී.
” රනිල් වික්‍රමසිංහ මහතා හැමදාමත් බලය ඔය විදියට පරිහරණය කරනවා . ඔඅ විදිහට හැසිරෙනවා . අවසානෙදි එතුමා නොදන්න උගුලකට එතුමා අහුවෙනවා. මන් අද කියනවා ඒක . ඒ නිසා එතුමාගේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ එතුමාට පාළු පිට්ටනියක කඩුව කරකව කරකව ඉන්න පුළුවන් . හැබැයි එතුමාගේ ඔය පිටියට අපි එන්නේ නෑ. “