හමුදාවේ ඉවසීමේ කට්ට පනී. පාර්ලිමේන්තුව අසල ප්‍රචන්ඩ පිරිස්වලට දිගට හරහට නෙළයි.

අප අද උදෑසන සිටම වාර්තා කලේ සැබෑ අරගලය අල කිරීම සිදු වුයේ එය දේශපාලන පක්ෂ දෙකකට අයිතිවාසිකම් කියා ගැනීමත් සමගය. එය බලපොරයේ එක් අවස්ථාවකි. ඔවුන් අයිතිවාසිකම් කියා ගැනීමත් සමගම අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ ජීවිත අනතුරක වැටෙන බව අප උදැසනම වාර්තා කරන ලදී.

මේ වන විට එය සිදුවෙමින් පවතින බව නිල නොලත් ආරංචිමාර්ග සදහන් කරයි. පාර්ලිමේන්තුව අසල මාර්ග බාධක බිද දමමින් ඉදිරියට යාමත් සමගම අවට ප්‍රදේශයේ විදුලිය විසන්දිව තිබේ. එත් සමගම මේ වන විටත් එහි ජනතාවට යුධ හමුදාවෙන් පහර දීම ආරම්භ කර තිබෙන බවද නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික ප්‍රගතිශීලී ජනතාව අද උදෑසන සිටම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ ඉතිරි විසදිය යුතු ප්‍රශ්න සියල්ලම ව්‍යවස්තානුකූලව විසදා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසයි.

Exit mobile version