හමුදාවේ පඩිපතයි පතිවතයි ආරක්ෂාකර දෙන්නැයි ඉල්ලු අසේල සම්පත් අත්අඩංගුවට. ඇපමත මුදාහැරේ.

එක්සත් රණවිරු සංසදයේ සභාපති හිටපු යුධහමුදා නිලධාරී මේජර් අසේල සම්පත් මැයි මස 1 වන දා රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙනතිබුණි. පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඊයේ (3) දින අධිකරණය මගින් ශරීර ඇප දෙකක්මත ඔහු මුදා හරින ලෙස නියෝග කර තිබුණි. නමුත් ප්‍රමාදවී අධිකරණයට ඉදිරිපත්කොට තිබු බැවින් අධිකරණය නියෝග කොට තිබු ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවී තිබේ. කෙසේ නමුත් අද දිනයේ ඇප කොන්දේසි සම්පුරණ කිරීම නිසා ඔහු නිදහස් කොට තිබුණි. එසේම ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය මගින් නියෝග කර නොතිබිණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සදහා විශාල මෙහෙවරක් ගෙන කටයුතු කල මොහු යුධ සමයේ ආබාධිත තත්වයට පත්වූ රට වෙනුවෙන් දැවැන්ත සේවයක් සිදුකල පුද්ගලයෙකි. පසුගිය කාලවකවානුව තුළ මෙන්ම වර්තමානය වනවිටත් විශ්‍රාමික හා සක්‍රීය සේවයේ යෙදී සිටින රණවිරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ඔහු ඉදිරිපත් වේ. තවද ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල සක්‍රීය සේවයේ යෙදීසිටින දුෂිත් හමුදා නිලධාරීන්ගේ වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා ද විවිධ  මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමටද ඔහු විසින් කටයුතු කරන ලදී.

ඔහු විසින් මෑතකදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සිදුකරන ලැබූ වීඩියෝ සාකච්ඡාවකින්ද විවිධ කරුණු අනාවරණය කරන ලදී. ඒ අනුව මහජන බලය නොහොත් රාජ්‍ය බලය භාවිතා කරන දුෂිත හමුදා නිලධාරීන්ගෙන් ඔහුගේ ජීවිතයට යම්කිසි අනතුරක් විය හැකි බවටද ඔහු විසින් ඉගි පල කරන ලදී.

ඔහු ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මෑතකදී සිදුකරන ලැබූ වීඩියෝ සාකච්ඡාවක් පහත දැක්වේ.

Exit mobile version