හමුදාවේ මාසික සලාකය දසදහසකින් ඉහළට.

ආර්ථික අර්බුදය හමුවේ යුධ හමුදා සාමාජිකයින්ට ඇතිවූ ආර්ථික පීඩනය අවම කිරීම සදහා යුධ හමුදාපතිවරයාගේ ඉල්ලීමකට අනුව සියලු යුධ හමුදා සාමාජිකයන්ගේ මාසික සලාක මුදල රුපියල් දසදහසකට ආසන්න මුදලකින් ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

මේ අනුව සක්‍රීය සේවයේ නියුතු සියලු යුධ හමුදා සාමාජිකයන්ගේ මාසික සලාක මුදල 2023 අප්‍රේල් මාසයේ සිට ඉහළ නැංවුණු අතර එය මැයි මාසයේ සිට සියලුම යුධ හමුදා සේවකයන්ගේ වැටුපට එකතු කරන ලදි.

නමුත් පාලනමය රාජකාරි කටයුතු නිසාවෙන් අප්‍රේල් සහ මැයි මස හිග මුදල ලබා දීමට නොහැකි වූ පුද්ගලයින්ගේ හිග සලාක මුදල ඔවුන්ගේ වැටුපට එක් කර ලබා දීමට ශ්‍රී ලංකා යුධ හමුදාව ඊයේ (20) කටයුතු කළ බව සදහන්.

Exit mobile version