හමුදාව, පොලීසිය සහ මහජනතාව අතර පවතින ගැටළුකාරී තත්වය – ඔවුන්ට අපහාස නොකරන්න.

මේ වන විට ශ්‍රී ලංකාවේ අරගලකරුවන් සහ අරගලයට හිතැති මහජනතාව විසින් ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය වෙත දැඩි අප්‍රසාධයක් එල්ල කර තිබේ. එම අප්‍රසාදයට එරෙහිව “ අරගලකරුවන්” බව කියවෙන කොටසක් විසින් සකසන ලද ලියවිල්ලක් සංසරණය වෙමින් පවතී . එම ලිපියෙන් ඔවුන් සදහන් කරන්නේ ක්‍රම වෙනසකට වන කැපවීමේදී “කිසිවෙකුත් වෘත්තියක් මත ගරුත්වයට හෝ අපහාසයට ලක්විය යුතු නැති බවයි “. එම සම්පූර්ණ ලියවිල්ල පහතින් දැක්වේ.

“ ක්‍රම වෙනසකට වන කැපවීමේදී කිසිවෙක් වෘත්තියක් මත ගරුත්වයට හෝ අපහාසයට ලක්විය යුතු නැත.

එබැවින් හමුදා/පොලිස් සෙබලෙක්ගෙන් උවද  ගෙන් අප විශේෂ  සහයෝගයක් ඉල්ලා නොසිටිය යුතු අතර එසේ නොකිරීම මත ඔවුන්ව පිළිකුලට ලක් කිරීමද නොකිරීම වැදගත් බව විශ්වාස කරමි.

ගාලුමුවදොර ප්‍රහාරයට සම්බන්ධ සෙබළුන්ගේ ක්‍රියාකලාපය/ඉරියව් තුල තිබූ යම් විශේෂ ආවේගයක් , තරහක් බාහිර සමාජයට නිරාවරණය වූ බව නොරහසකි. හමුදාවක් තුල පවා යම් යම් පාර්ශවයන්ට වඩාත් ලබැදියාවක් සහිත පිරිස්,  මානසිකත්වය සහ හැසිරීම වෙනස් පිරිස් සිටින බව සාමාන්‍ය කාරණයකි. තවද ඔවුන් කෙසේ කලද අප මෙයට සංයමයෙන් සහ බුද්ධියෙන් මුහුණ දිය යුතුය.

හමුදාව/ පොලීසිය යනු අප සමාජයේම කොටසක එක් වෘත්තියකි. එබැවින් සමාජයේ කොටස් භේද කරවීම ජාති/ආගම් භේදය ලෙසම පාලකයාට පාලනය පහසු කරවයි. මෙලෙස බෙදීම ඉස්මතු කරවීම වෙනුවෙන් ව්‍යාජ ගිනුම් රාශියක් සංවිධානාත්මක කටයුතු කරන බව අප හට නිරීක්ෂණය වී ඇත.

ප්‍රචණ්ඩත්වයට සම්බන්ධව හදුනාගත් සෙබළුන්ට ඉදිරියේදී අනිවාර්‍යෙන් නීතිය ක්‍රියාත්මක වන බවට අප වගබලාගනා අතර ජාත්‍යන්තරය හමුවට ඔවුන් නිරාවරණය වනු ඇත. ආරක්ෂක අංශ සම්බන්ධයෙන් විරෝධය පෑමට වඩා, මේ මොහොතේ වැදගත් වන්නේ, ඔවුන්ට බලපෑම් කරන සහ වැරදි නියෝග ලබා දෙන දේශපාලන අධිකාරිය විවේචනය කිරීම, එයට විරෝධය දැක්වීම, නිවැරදි පුද්ගලයන් බලයට පත්කිරීමට වගබලා ගැනීමයි.

එබැවින් හමුදා සහ ආරක්ෂක අංශ  හෝ ඔවුන්ගේ පවුල් සමග සමග අනිසි ගැට්ම් ඇති කර නොගන්නා මෙන්ද එවැනි පළකිරීම්(සමාජ මධ්‍යය) වලින් වලකින මෙන්ද බුද්ධිමත්ව මෙම අවස්ථාව කළමණාකරණය කරගැනීමට සහය වන මෙන්ද ඉල්ලා සිටිමු”.

– අරගලකරුවෝ

ලෙස එම ලියවිල්ල තුල සදහන් වේ.

Exit mobile version