රටක් රැකෙන්න නම් ප්‍රථමව එම රටේ ආරක්ෂාව තහවුරු වී තිබිය යුතුමය. ඒ වෙනුවෙන් රටේ ආරක්ෂක හමුදාවන්වල සේවය සේවා පුද්ගලයන්ට කායික, මානසික නිදහස මෙන්ම, අයුක්තියෙන් අසාධාරණයෙන් තොරව සේවය කිරීමට හැකියාව තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදවතුල එවන් වාතාවරණයක් නොමැති බව අප අවස්ථා කිහිපයකදීම පෙන්වා දෙන ලදී.
ඒ අතරේ කිලිනොච්චිය මුදාගත් ජනවාරි දෙවැනි දිනයේදීම දෙමළ ඩයස්පෝරාව සහ භික්ෂූන් වහන්සේලා හත්නමක් විසින් ඉදිරිපත් කර තිබෙන රට බෙදන හිමාලයා ප්රකාශනය පිළිබඳව කතාකිරීමට සිදුවීම පිළිබඳව තමන් කණගාටු වන බව 57 වැනි සේනාංකයේ ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස් ප්‍රකාශ කරන ලදී.
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ දමිළ ඩයස්පෝරාවේ සුරේන් සමග භික්ෂුන් වහන්සේලා හත් නමක් ගොස් “හිමාලයා” ප්රකාශණය නම් පොතක් ජනාධිපතිවරයාට බාර දි තිබෙන බවත් ජනතාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු එයට විරෝධය දක්වා සහාය ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිය යුතු බවයි.
මෙහිදී ඔහුගේ ප්‍රකාශයට අනුව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂලාගේ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රමයට ඔහුද අනුගතව සිටින බවයි. එසේම ඔහු සේවය කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගැටළු ගණනාවක් නිසා නිලධාරින් විශාල ප්‍රමාණයක් පිඩා විඳී. නමුත් එය නොපෙනී, බෙදුම්වාදයට කිසි සේත්ම ඉඩක් ලබා නොදෙන රටක, ජාතිවාදයක් ඇතිවන, හාමුදුරුවන් වහන්සේලා දමිළ ඩයස්පොරවත් සමග සම්බන්ධ කරමින්, හාමුදුරුවන් වහන්සේලා මහජනතාවට තවදුරටත් එපා කරවීම තුල තිබෙන්නේ නැවතත් ම්ලේච්ච පක්ෂයක් බලයට ගෙන ඒමට උත්සාහ කිරීමක් බව පෙනෙන්නට තිබේ.
නැගෙනහිර පසුගියදා ඇති වූ ගැටළු නිරාකරණය කිරීමට විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා විශාල මැදිහත්වීමක් කල බව දක්නට ලැබිණි. නමුත් දකුණේ සිංහල ජනතාව ප්‍රකාශ කලේ නැගෙනහිර සිංහලුන්ගේ ගැටලුව ඇතිකලේද රාජපක්ෂවරුන් බවයි. විශ්‍රාමික හමුදා නිලධාරීන්ට රටක ප්‍රශ්න නොතේරෙන බව ගෝඨාහය රාජපක්ෂ මහතාගේ පාලනය කාලයේම සක්‍රීයව ඔඅත පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් යම් බෙදුම්වාදී උගුලක් තිබේ නම් එයට සමස්ත රට වැසියන්ම එරෙහි විය යුතු අතර විශ්‍රාමික හමුදා නිලධාරින් මේ අවස්ථාවේ කල යුත්තේ ඒවාට එරෙහිව පෙළගැසෙන අතරතුර තමන් සේවය කල යුද්ධ හමුදාවේ දුෂිත පරිපාලනයට එරෙහි වී තමන්ගේ ආයතනයද ආරක්ෂා කිරීමයි. එසේ නොමැතිව කුමන තීරණයකට එරෙහිව කටයුතු කලත්, යම් යුද්ධයක් පැමිණියහොත් ඒවාට එරෙහිව සටන් කිරීමට මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන්ද ශක්තිමත් හමුදාවක් අපට තිබිය යුතුය.
එබැවින් යම් බෙදුම්වාදී උගුල්වලින් බේරාගැනීමට කටයුතු කරන අතරතුරම, තමන්ගේ හමුදාවේ නිලධාරින්ට එරෙහිව, වර්තමාන යුද්ධ හමුදා පාලනය විසින් සිදුකරනු ලබන නීතිවිරෝදී කටයුතුවලටද එරෙහිව මාධ්‍ය සාකච්චා පවත්වන්නේ නම් ඉතාම හොද බව, යුද්ධ හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටින, අසාධාරණයන්ට ලක්ව සිටින උසස්, කණිෂ්ඨ හමුදා නිලධාරීන් සහ සාමාජිකයන් ප්‍රකාශ කරයි.