අපි සියලු දෙනා අද මෙතරම් නිදහසක් භුක්ති ව්දිමින් බියක් සැකක් නැතුව ඕනෑම තැනක ඇවිදිමින් රිසි සේ නිදහසේ කල් ගෙවන්නේ දහස් සංඛ්‍යාත වීර පුතුන් රට ජාතිය ආගම වෙනුවෙන් කල අතිවිශාල කැපකිරීම නිසාය. වීර පුතුන් නොසිටින්නට අද අපට මෙතරම් නිදහසක් හිමි නොවන බවනම් නොඅනුමානයයි. මෙවන් සේවයක් කල වීර පුතුන් හට අද වන විට කිසිවෙකුගේ ආධාරයක් උපකාරයක් නොලැබීම නම් ඉතාමත් ශෝචනීය තත්වයකි. ඔවුන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව රණවිරු අයිතිවාසිකම් දිනාගැනීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක පියල් ජයවීර මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කරුණු රැසක් හෙලිදරව් කරන ලදි.
පියල් ජයවීර මහතා ප්‍රකාශ කර සිටින්නේ පූර්ණ ආබාධිතයන්ගේ සුබසාධනය පිළිබඳව රජයත් යුධ හමුදාවත් කිසිදු සේවයක් සිදු නොකරන බවත් දැනට සේවයේ නියුතු යුධ හමුදා සේවකයාගේ කෑම වේලේ සිට සියල්ල අහිමි කල බවත් මුලින් ලබා දුන් කිරි තේ එක වෙනුවට අද ප්ලේන්ටියක් ලබා දෙන බවත් රණවිරුවන්ගෙන් ආහාර සදහා මාසෙට රුපියල් 20000ක මුදලක් කපා ගත් අතර අබිමංසල මගින් ආහාර සදහා මාසෙට රුපියල් 40000ක මුදලක් කපා ගන්නා බැවින් ඔවුන්ට අතිනුත් රුපියල් 20000 ක මුදලක් දීමට සිදුව ඇති බවත් මේ සදහා පිටරටින් පවා සහනාධාර ලබා දෙන අතර රජය විසින් ‘අපි වෙනුවෙන් අපි’ යටතේ මුදල් වෙන් කර ඇති අතර එම මුදල්වලට කුමක් සිදු වෙනවාදැයි කව්රුත් නොදනිති. නමුත් මෙම සියලු කාරණාවලට යුධ හමුදාපති,ආරක්ෂක ලේකම්,පුනරුත්ථාපන අධය්‍යක්ෂක සම්පූර්ණයෙන් වගකිවයුතු බවට පියල් ජයවීර මහතා අවධාරණය කර සිටී.
එමෙන්ම පාර්ලිමේන්තුවේ නිලධාරින් අවුරුදු 5ක් සේවයේ සිට විශ්‍රාම ගිය පසු විශ්‍රාම වැටුපක් හිමි නම් මේ රට ජාතිය ආගම වෙනුවෙන් තම ජීවිතයම පරදුවට තබා අත් පා දන් දුන් රණවිරුවන් හට විශ්‍රාම වැටුපක් ලබා දී ඔවුන්ව බලාගත නොහැකි නම් අප රටේ පාලකයන් සුදුස්සාට සුදුසු තැන ලබා නොදෙන බව පියල් මහතා වැඩිදුරටත් අවධාරණය කරමින් කියා සිටී.
තවද මාතර අකුරැස්ස ප්‍රදේශයේ කෝටි 13ක් වියදම් කර සෑදූ රණවිරු නිවස අද පුද්ගලික සේවකයෙකුට අයිති වීමට ඉඩකඩ ඇති බව පියල් ජයවීර මහතා ප්‍රකාශ කර සිටින අතර ආබාධිත රණවිරුවන් හට තමාගේ ළමයා පාසලට දමා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වීම,තමන්ට කියලා ගෙයක් නොමැති,තමන්ගේ නමට ඉඩමක් නොමැති වීම, රෝද පුටු නොමැති වීම ….ආදී වශයෙන් රණවිරුවා හට විශාල අසාධාරණයක් සිදුවන අතර එම අසාධාරණය නවතා සාධාරණ ලෙස අන් අයට අයිතිවාසිකම් ලැබෙන සේම මොවුන්ටද ඔවුන්ගේ අයිතිවාසිකම් හිමි විය යුතු බවත් රජයේ ඉහල නිලධාරින් සැප විදින නමුත් ආබාධිත රණවිරුවන්ගේ මුලික අවශ්‍යතා පමණක් හෝ ඉටු කරමින් ඔවුන්ට සාධාරණයක් සිදු කල යුතු බවට පියල් ජයවිර මහතා වැඩිදුරටත් අවධාරණය කරමින් කියා සිටි.
රණවිරුවන් හට රජයෙන් විශාල අසාධාරණයක් සිදු වන අතර යුධ හමුදාව කිසිම ප්‍රතිපත්තියක් නැති ගමනක් ගමන් කරන බවත් කොන්ද පන ඇති නායකයෙක් පත් වුවහොත් පමණක් රණවිරුවන්ට යම් සාධාරණයක් සිදු කල හැකි බවත් පියල් ජයවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත විඩියෝව නරඹන්න.