රජයට බදු ආදායම් අහිමි කරමින් නීති විරෝධීව සිගරට් දහතුන්දහස් පන්සීයක් රැගෙන යමින් සිටි යුද හමුදා සෙබළු දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද අම්පාර බස් නැවතුම් පොලේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ සිට අම්පාර දක්වා මෙම සිගරට් තොගය ප්රවාහනය කරමින් තිබූ අතර අම්පාර බස් නැවතුම්පොළේ දී මොවුහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පොලිසියට භාරදී ඇති බව සදහන් .