හයිලවෙල් මාර්ගයේ ධාවනය වන බස් රථ අදාළ තීරණයට පටහැනිව කටයුතු සිදු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව රියදුරන් දැනුවත් වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇති බව සදහන්වේ.
වැඩි දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා “බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස්රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හා මගීන් පැටවීම ආදිය කිරීම නිසා මාර්ග අනතුරු හා මගීන්ගේ ජීවිත පිළිබඳ අවධානමක් අනාරක්ෂිත බවක් ඇති වෙලා තියෙනවා. අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මගීන් පැටවීමට හෝ මගීන් බැස්සවීමට වාහන නැවැත්වීම සපුරා තහනම්. මේ මාර්ගයේ ගමන්කරන මගීන් ප්‍රවාහනය කරන සියලූම බස්රථ මාර්තු මස 1 වනදා සිට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළට පැමිණ ඒ හරහා කටයුතු කරන්න නියම කරනු ලබනවා. මේ නියමය සියලුම බස්රථවලට අදාළ වෙනවා. එසේ නොමැතිව පැමිණිලි ලැබිලා තිබුණොත් පරීක්ෂණයකින් පසුව ගමන් බලපත්‍රය අහෝසි කරන්න සිද්ධවෙනවා.” යැයි ප්‍රකාශ කර තිබේ.