මධ්‍යම කදුකරයට සවස් කාලය තුලදි ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මසක් වැනි කෙටි කාලයක් තුලදි නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය හයවන වරටත් වාන් දැමිම ආරම්භවි ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් සමග විමලසුරේන්ද්‍ර ජලාශය 06වන දින සිට නැවත වාන් දැමීම ආරම්භ වී ඇති බවත්ය.
මසක් වැනි කෙටි කාලයක් තුලදි මෙම ජලාශය හයවන වරටත් මෙසේ වාන් දැමිම සිදුවන බවත් මේ වන විට එම ජලාශයේ ජලය අගල් දෙකක් පමන ඉහලින් වාන් දැමිම සිදුවන බවත් මෙම ජලාශය මෙසේ වාන් දැමිමත් සමග කැලණි ගංගාවේ ජල මට්ටම තව දුරටත් ඉහල යාහැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.