අවුරුදු අට, පහ සහ තුන යන වයස්වල පසු වන දරුවන් තිදෙනා නිවසෙහි තනිකර භාරයක් ඔප්පු කිරීමට යැයි පවසා ශ්රීපාද වන්දනාවේ ගිය බව කියන මව්පිය යුවලක් අත්අඩංගුවට ගත් බවට කුලියාපිටිය පොලීසිය සඳහන් කර ඇති බව වාර්තා වේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීගල්ල එළතලව ප්රදේශයේ දෙමාපිය යුවලකි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ නිවස පරීක්ෂාව සඳහා ගිය නිලධාරීන්ට දක්නට ලැබී ඇත්තේ දොරගුළු දමා තිබූ නිවස පමණි.
පසුව කළ සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකිව ඇත්තේ දරුවන් තිදෙනකු එම නිවසෙහි තුළ සිටි බවයි.
එම දරුවන් තිදෙනා ඒ වනවිටත් උණ රෝගයෙන් පෙළෙමින් සිටි බව විමර්ශන සඳහා ගිය නිලධාරීන්ට අනාවරණය වී තිබුණි.
එම නිසා දරුවන් තිදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පාන් බිස්කට් ආදී ක්ෂණික ආහාර වර්ග නිවසට ගෙනවිත් දී මෙම යුවළ තවත් පිරිසක් සමග වන්දනාවේ ගොස් තිබුණි.
වන්දනා ගමන නිමවී පැමිණි වහා මව්පියෝ අත්අඩංගුවට ගෙන තිබූ අතර රෝහල්ගතව සාංකාවෙන් පසු වන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවන්ගේ මව එම ස්ථානයේ රඳවා තිබිණි.
සිද්ධියට අදාළ සැකකාර පියා හා මව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට කුලියාපිටිය පොලීසිය පවසයි.