මධ්‍යම කදුකරයට පවතින වැසි හා සුළං තත්ත්වය මත කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හරංගල සිට කල්පිටිය දක්වා ගමන් කරන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ.
බී 148 දරණ මාර්ගයේ තිස්පනේ හන්දිය ප්‍රදේශය තුළ අද (06) දින මෙම ගස කඩා වැටීමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇන හිට ඇති අතර එසේ කඩා වැටුන ගස ඉවත් කිරීමට කොත්මලේ ප්‍රාදේශීය සභාවේ පිරිස් පියවර ගෙන ඇති බව සඳහන්.