ශ්‍රී ලංකාවේ මත්ද්‍රවය සහ විවිධ අපරාධ සම්බන්ධ බවට චෝදනා ලබා තිබෙන “හරක් කටා” නොහොත් නදුන් චින්තක ඩුබායිහිදී අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
වාර්තාවන ආකාරයට පොලිස් මත්ද්‍රවය කාර්යාංශය ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව සිදුකල එකාබද්ධ මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙසිනි. ඔහු එහිදී අත් අඩංගුවට පත් වන්නේ ඩුබායි සිට තම බිරිඳ සමග ප්‍රංශය බලා යාමට ගුවන් තොටුපොල වෙත පැමිණි අවස්ථාවේය.
ඔහු ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ පිලිබඳව අදාළ අංශ විසින් නිල නිවේදනයක් නිකුත් කර නැත.