පසුගියදා ප්‍රධාන පුවත් වාර්ථාවක සදහන්ව තිබු දැවැන්ත කිරිහරක් වංචාවක සුලමුල සෙවීමට ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් ලංකාවේ ප්‍රකට වැවිලිකරුවෙක් මෙන්ම ප්‍රකට වෙළද නාමයක හිමිකරුවෙක් වන අමල් සුරියගේ මහතාව ඔහුගේ මැදිරියට ගෙන්වන ලදී.
2012/2013/2015 වර්ෂ වල ඩොලර් බිලියන 33.7 (මෙය රුපියල් බිලියන 33.7ක් ලෙස පහතින් නිවැරදි කර තිබේ) වියදම් කර ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ගවයන් 4500 න් 3900 මේ වන විට මියගොස් ඇති බවට මෙහිදී අනාවරණය විය.
2017/2018 කාලයේ ගෙන්වූ ගවයන් 4995 න් එකම එක කිරි ගවයෙක්වත් මේ වන විට ජිවතුන් අතර නැති බවත් කෝටි 4 වියදම් කර මොහු ගෙන්වන ලද ගවයන් 200 එක් ගවයෙක්වත් මේ වන විට ජිවතුන් අතර නොමැති බවත් ඉතාමත් සංවේගයෙන් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද සියලුම කිරි ගවයන් මාස 6/7 පමණ ගැබිණි මව්වරුන් බවත් දවස් 27 කාලයක් නැවක සිට මොවුන් මෙරටට ගෙන්වන අතර මොවුන් යම්කිසි රෝගී තත්වයකින් පසුවී ඇති නිසා කොරෝන්ටින් සහතිකයක්වත් නොමැතිව ත්‍රිකුණාමල වරායට ගොඩබා ඇති බව මොහු මෙහිදී අනාවරණය කරන ලදී.
මේ කිරි ගව ප්‍රශ්ණය ලංකා ඉතිහාසයේ වුනායැයි සැළකෙන දුෂතම මහා මංකොල්ලය බවත් බැසිල් රාජපක්ෂ,තොන්ඩමන්,රත්නායක,සොයිසා,හැරිසන් යන මන්ත්‍රීවරුන් සහ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ සංවර්ධනය අමාත්‍යාංශය ජනපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිද රේණුකා ඒකනායක යන සියලු පාර්ශවයන් මේ දැවැන්ත මංකොල්ලයේ කොටස්කරුවන් බව මොහු විසින් ඉතා නිර්භීතව ප්‍රකාශ කරන ලද අතර මේ වංචාවට වගකිවයුතු ආයතනය ලෙස ලංකාවේ පෝසයිඩ් ආයතනයත් ඔස්ට්‍රේලියාවේ වෙලාඩ් ආයතනයත් බවද මොහු පවසන ලදී.
වෙලාඩ් ආයතනය ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි වී ඇත්තේ මස් විකුණන ආයතනයක් ලෙසත් මෙම ගවයන් අප රටට ගෙනවිත් තිබෙන්නේ කොරෝන්ටින් සහතිකයක්වත් නොමැතිවය.
එපමණක් නොව 75000 වටීනා ගවයෙකු සදහා ලක්ෂ 5.7 වියදම් කර ඇති බවත් මොහු මෙහිදී අනාවරණය කරන ලදී.එම සියලු මුදල් කොටස් වශයෙන් ඉහත සදහන් කරන ලද නිලධාරීන් ගෙන ඇති බවත් කෝප් කමිටුවේ 2017 විගණකාධිපති වාර්ථාවේ සදහන් වන අතර ගෙන්වන ලද කිරිගවයින් රක්ෂණය කර තිබුනේ කෝපරෙටිව් සහ අමානා යන ආයතන පවා මෙම වංචාවේ කොටස්කරුවන් බව පැහැදිලිව අනාවරණය වේ.
රටේ සංවර්ධනය වෙනුවෙන් සිදුකරන මෙම සැම කාර්යයකදීම ඊට සම්බන්ධ නිලධාරීන් සිදුකරන්නේ ඉන් තමන්ට හැකි තරම් ගසා කා ඉතිරිවන හපය පමණක් රටට ලබාදීමයි.ප්‍රථමයෙන් රට,දෙවනුවත් රට,තෙවනුවත් රට යැයි පවසන සියල්ළන් ප්‍රථමයෙන් තැබුවේ තම මඩිය තරකර ගැනීම පමණකි.එවැනි දුෂිත ක්‍රියාවලියක ප්‍රථිපලය තමයි අද වන විට අපේ පරපුර අත්විදින්නේ සහ එම ගසාකෑම් වල අවසානයක්ද නොපෙනේ.”සිස්ටම් චේන්ජ්”කරනවා කියා මොවුන් සිදුකලේම විවිධ ආකාර වලින් සැලසුම් වෙනස් කරමින් තමන්ගේ ධනය බලය වැඩිකරගැනීම පමණයි.
(ඉහත ඩොලර් බිලියන 33.7ක් ලෙස සඳහන් කරුණ රුපියල් බිලියන 33.7ක් වශයෙන් නිවැරදි විය යුතුයි.)