අද (06) පැවති හර්තාල් ව්‍යාපාරය සදහා රාජ්‍ය ආයතන සහභාගි වුවත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලවල සේවකයන් රාජකාරියට වාර්තා කර තිබෙන අතර රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් ගල්පාය විද්‍යාලය මෙන්ම ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් රිදීවිට ප්‍රදේශයේ පාසලකද සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු සිදුව තිබේ. දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක එසේ සිදුව තිබෙන නමුත් ඒවා සත්‍ය වශයෙන්ම තහවුරු කරගැනීමට නොහැකි විය.
කෙසේ වුවත් ගල්පාය විද්‍යාලයේ කටයුතු දහවල් 12.00 ට පමණ අවසන් කර තිබේ.